(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට පාකිස්තාන සංචිතය නම්කර තිබේ.
මෙම සංචිතයට මොහොමඩ් හෆීස් එක්කිරීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතුකර ඇත. ඒ අනුව සංචිතයෙන් ඉවතට විසිවී ඇත්තේ සොහයිල් ඛාන්ය.
තවමත් ආබාධය සුවවෙමින් සිටින මොහොමඩ් අමීර්ගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන පන්දුවාර 20-20 තරගාවලියට නම් කිරීමට එරට තේරීම් කමිටුව තීරණයකර ඇත. වම් පාදයේ ආබාධයක් හේතුවෙන් අමීර් පසුගිය තරග කිහිපයට එක්වූයේ නැත.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 අවසන් තරගය ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතය.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනතුරු කිසිදු කණ්ඩායමක් එරට ක්‍රිකට් සංචාරයන්ට එක්වූයේ නැත.
මේ අතර ශ්‍රී ලංකා පන්දුවාර 20-20 සංචිතය හෙට(19) දිනයේදී නම්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.