එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රීෆ් මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් විසින් යාපනය මහජන පුස්තකාලයේදී සහ කොළඹ දී ප්‍රසිද්ධ දේශන දෙකක් ද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =