කැඩුනු හාල් මිනිස් පරිභෝජනයට සුදුසුයි

(කොළඹ, ලංකාපුවත්) –සතොස මගින් මෑතක සිට ආනයනය කිරීමට කටයුතු කල කැඩුනු සහල් (BROKEN RICE) මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඒවා සත්ව ආහාර සඳහා සුදුසු බවටත් ඇතම් පිරිස් ගෙන යන ප්‍රචාර මුලුමනින්ම අසත්‍ය බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

සභාපතිවරයා වෝක්ෂෝල් වීදිය සතොස ප්‍රධාන කර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ වන විට එම සහල් සඳහා පාරිභෝගිකයින්ගේ ඉල්ලීම බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බවය.

ලංකාවට ආනයනය කරනු ලබන සියලූම සහල් වර්ග නිසි ක්‍රමවේදයක් යටතේ පරීක්ෂා කෙරේ. මෙම “කැඩුනු සහල්“ ලෙස හඳුන්වන සහල් විශේෂයද එලෙසම පරීක්ෂාවට ලක්ව මෙරටට පැමිනෙන බැවින් එම සහල් වල ප්‍රමිතිය පිළිබඳව හෝ ගුණාත්මක බාවය පිළිබඳව කිසිදු බියක් පාරිභෝගික ජනතාව ඇතිකරගතයුතු නැති බව සභාපතිවරයා කියා සිටියේය.

මෙම කැඩුනු සහල් කිලෝව රුපියල් හැටක මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛා වලින් හිඟයකින් තොරව ලබාගතහැකි බවත් ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =