පීඩන අවපාතය ඉන්දියාවට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය උතුරු දෙසට ගමන් කර අද(19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉන්දියාවට ඇතුළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්දියාවේ අදීශා ප්‍රදේශයේ පූරි සහ චන්ද්බාලි අතර වෙරළබඩ තීරයෙන් ගොඩබිමට එය ඇතුළු වන බවට විශ්වාස කෙරේ.

මේ හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලල තරමක තද සුළං අපේක්‍ෂා කළ හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =