මහජන බැංකුව දීපාවලී උත්සවය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –අයහපත පරදා යහපත ජයග්‍රහණය කිරිම සංකේතවත් කරන දීපවාලී උළෙල වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප්‍රධාන සැමරුම් උත්සවය වැල්ලවත්ත ශාඛාවේදී පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවක් පැවති අතර, පාසල් දරුවන් ඉදිරිපත් කළ නර්තනාංග කිහිපයකින් ද මෙම උත්සවය වර්ණවත් විය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කේ.බී රාජපක්ෂ, ප්‍රධාන නීති නිලධාරි ඩබ්ලිව්.කේ.එස්.බී නන්දන, සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඒ.යූ.එල්.ඒ අන්සාර් යන මහත්වරුන්, කොළඹ දකුණ ප්‍රාදේශිය කළමනාකාරිනි ආර්.ඒ.ඩි.කේ කල්‍යාණි මිය, ශාඛා කළමනාකාර ඩබ්ලිව්.කේ වීරසිංහ මහතා ඇතුළු කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද සහභාගි වූහ.

එමෙන්ම මෙදින හින්දු බැතිමතුන් බහුලව වෙසෙන උතුර, නැගෙනහිර, වන්නි පළාත් හා මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ කොළඹ යන ප්‍රාදේශික වල මහජන බැංකුවේ ශාඛා හා සේවා මධ්‍යස්ථාන 18 ක් ගනුදෙනු සඳහා එදින විවෘතව තැබුණු අතර, ඉන් බොහෝමයක විශේෂ සැමරුම් උත්සවයන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *