‘රැන්සම්වෙයාර්’ ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) –රැන්සම්වෙයාර් (Ransomware) නැමති වෛරසය ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)පවසයි.

මෙම වෛරසය පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී තිබේ.

එබැවින් ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දීමක් කරනු ලැබේ.

රැන්සම්වෙයාර් පරිගණක වෛරසය මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබේ.

අදාළ රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හේතුවෙන් පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ අතර එමගින් කප්පම් ඉල්ලීමේ සිදුවීම් පිළිබඳව ද පසුගිය දිනවල වාර්තා විය. ඒ අනුව බ්‍රිතාන්‍ය, අමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිඝණක මෙලෙස විවිධ අවස්ථා වල සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 5 =