චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශය හා විශ්වාසයන් පෙරට වඩා ශක්තිමත් – චීන ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ගෙවි ගිය වසර පහ තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශය හා විශ්වාසයන් පෙරට වඩා ශක්තිමත්ව පවතින බව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඊයේ මේ බව සඳහන් කළේය.

පක්ෂ පාලනය පිළිබඳ දේශපාලන වගකීම විවිධ තලවලදී ක්‍රියාත්මක කරමින් පක්ෂ රෙගුලාසි නොකඩවාම පරිපූර්ණ කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකි වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරනු ලැබීය.

චීන කොමියුනිස්ට පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඊයේ(18) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනයේදී චීනයේ ඉදිරි සංවර්ධනය පිළිබඳ පරිපූර්ණ සැලැස්ම ඉදිරිපත් කරනු ලැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව මිලියන 89කට අධිකය. එයින් 2000කට වැඩි පිරිසක් මෙවර සම්මේලනයට එක්වී සිටි. මෙහිදී ඡන්ද විමසීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව මධ්‍යම විනය පරීක්ෂණ සභාව තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ.

චීනය ලබා ගත් ආර්ථික ජයග්‍රහණ පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සම්මේලනයේදී විස්තර කළේය. මේ වන විට චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 80කට ළඟා වී තිබේ. ඒ අනුව, ලෝක ආර්ථික වර්ධනයට චීනයේ දායක වීමේ අනුපාතය සියයට 30 ඉක්මවා ඇත.

රට තුළ ක්‍රියාත්මක දූෂණ මැඩලීමේ වැඩපිළිවෙළ නිසා රට වේගයෙන් සංවර්ධනය කරා ගෙන යාමට හැකි වී තිබෙන බව, චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සම්මේලනය ලබන 24වෙනි දින දක්වා චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්වේ. මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම නායක මණ්ඩලය තෝරා ගැනීමට ද නියමිතය.

(තොරතුරු – චීන ගුවන් විදුලිය – නිසංසලා රත්නායක විසිනි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *