පාකිස්තානයට එක්දින තරගාවලි ජය

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම ඊයේ(18) සමත් විය.

ඒ අනුව 3ට බින්දුවක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට ද පකිස්තාන පිල සමත් විය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පිටියට පැමිණි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පන්දු වාර 48යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208 කට සීමා විය.

ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ඕවර් 48.2කදී ලකුණු 208ක් ලැබූ අතර පාකිස්තානය ඕවර් 42.3කදී කඩුලු 3කට ලකුණු 209ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

පාකිස්තානයේ නවතම සොයා ගැනීමක් වූ ඊයේ එක්දින වරම් දිනාගත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් අගනා පිති හරඹයකින් ලකුණු 100ක් ලබා ගත්තේය. පිටියේ සතර අතට පහර එල්ල කළ මේ යොවුන් ක්‍රීඩකයා පන්දු 125කට මුහුණදී හතරේ පහර-5ක් හා හයේ පහර 2ක් එල්ල කළේය. ඔහු ලකුණු 29දී හා 89දී දුන් උඩ පන්දු නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහුණි.

ඉමාම් උල් හක් එක්දින වරම් ලබාගත් මුල්ම තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව 12වැනි පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය. එමෙන්ම මෙවැනි දස්කමක් දැක්වූ දෙවැනි පාකිස්තානු ජාතිකයා ද වේ. මෙයට පෙර පාකිස්තානයේ සලීම් එලායී 1995දී මංගල එක්දින තරගයට මුහුණදී පන්දු 133කදී නොදැවී ලකුණු 102ක් ලබා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *