මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පැවති තුන් වන එක්දින තරගයේ දී හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව අදාළ නිලධාරීන් වාර්තා කර ඇත.

වසර තුනක් තුළ හෆීස්ගේ ඉරියව්ව සම්බන්ධයෙන් තරග නිලධාරීන් වාර්තා කළ තුන් වන අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි දැයි ඉදිරියේදී පරීක්‍ෂා කිරීමට කටයුතු කරනු ඇත. එය ඉදිරි දින 14 තුළ සිදුකිරීමට නියමිතය.

හෆීස් මේ වන විට එක්දින තරග 183කට ක්‍රීඩා කර කඩුලු 136ක් දවාගෙන තිබේ.

පිතිකරුවෙකු ලෙසත් ඔහු අවස්ථා ගණනාවක දී දස්කම් දක්වා ඇත.

කෙසේ වෙතත් මෙලෙස හෆීස්ගේ ඉරියව්ව සැක සහිත බව වාර්තා කිරීම පාකිස්තාන පන්දු යැවීමේ බලඇණියට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 10 =