රටවල් 05 ක ජාතික ශිෂ්‍යභට කණ්ඩායම් ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – හර්මන් ලූස් ශූරතා කඳවුර නැරඹීමට පැමිණි දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයට අයත් රටවල් 05 ක ජාතික ශිෂ්‍යභට කණ්ඩායම් අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශිෂ්‍යභට කණ්ඩායම් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

සෑම කණ්ඩායමක්ම භාර ඉහළ නිලධාරීන් වෙත මෙහිදී ජනාධිපතිතුමා තිළිණ ප‍්‍රදානය කළ අතර එම නිලධාරීන් ද ජනාධිපතිතුමා වෙත තිළිණ ප‍්‍රදානය කළහ.

සියලු ශිෂ්‍යභටයින් සහ නියෝජිතයින් සමග ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − one =