රුසියානු ජනාධිපතිවරණයට වසර 14කට පසුව කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර රුසියානු ජනාධිපතිවරණයට වසර 14කින් අනතුරුව කාන්තාවක ඉදිරිපත්ව සිටි.

ක්සෙනියා සොබිචක් එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වනු ඇත. ඒ සදහා ඇයට සහාය ලබා දෙන්නේ රුසියා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස නැවතත් ව්ලැඩ්මීර් පුටින් ඉදිරිපත් වනු ඇති බවට මත පළව තබේ.

35 හැවිරිදි ක්සෙනියා ජනමාධ්‍යවේදිනියක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කරයි.

ඇය රුසියාවේ පැරිස් හිල්ටන් ලෙස නම් දරා සිටි.

රුසියාවේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දෙසැම්බර් මස හත් වනදා ආරම්භ වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =