වැසි තත්ත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (20) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා හමන තරමක් තදසුළං අපේක්ෂා කළහැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම සහිත වැසි බලාපොරොත්තුවේ . සමහරස්ථානවලට තදවැසි(මි.මී.100වැඩි)ඇති වියහැකිය.

උතුරුපළාතේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්වැසිවාර කිහිපයක් ඇතිවේ.

අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *