සතොසින් සහල් තොග මිලටම ලබා දෙනවා – ලංකා සතොස සභාපති

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියඵම සතොස අළෙවිසැල් මඟින් පාරිභෝගික ජනතාවට සහල් තොග මිලටම ලබාගත හැකිබව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

සභාපතිවරයා මෙසේ පැවසුවේ සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ ( 19) පැවති මාධ්‍ය හමුවකදීය.

පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම අඩුකිරීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවත් අතරමැදියන් නොමැතිව සිල්ලර වෙළෙන්ඳන් හටද මෙම අවස්ථාව ලබාගත හැකිබවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව සුදු කැකුළු රු. 64 කටද නාඩු රු. 73 කටද සම්බා රු 80 කටද කැඩුණු සහල් (Broken Rice) රු. 80 කටද ඕනැම සතොස අළෙවි සැලකින් ලබාගත හැකිවේ.

එසේම ලංකාව පුරා දැනට ඇති සතොස අළෙවි සැල් 370 න්ම මෙම අවස්ථාව ලැබෙන බවත් ඉදිරියේදී හාල් මැස්සන්, ටින් මාඑ, ලූණු, අල වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද තොග මිලටම පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවත් ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =