තරුණ අගමැතිනියකගේ නායකත්වයෙන් නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වේ.
තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයා ඇයයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය.

ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ.

නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි.

සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.

එහෙත් දැන් ඇය මුහුණ දෙමින් සිටින්නේ නව අභියෝගවලටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *