බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග ජනපතිට භාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ගෞරවනීය ස්වාමීන් වහන්සේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන කිහිපයක් විසින් සිදුකරන ලද මූල්‍ය පරිත්‍යාග මෙහිදී නිල වශයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ඉතා විධිමත් අයුරින් මෙම අරමුදල් යෙදවීම සිදුවන බවයි.

මහාභාණ්ඩාගරයේ අරමුදල් මත නඩත්තු නොවෙමින් විවිධ පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් පෝෂණයවීම බෞද්ධ පුනරුද අරමුදලේ විශේෂත්වයයි.

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, ව්‍යාපාරිකයින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *