යෝජිත ව්‍යවස්ථාව ගැන අසත්‍ය පතුරුවන්නන්ගේ අරමුණු ගැන අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ගේ අපේක්‍ෂාව රට අවුල්කර අනාගතය අස්ථාවර කිරීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ ඊයේ(22) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

කොළොන්නාව ප්‍රදේශයේ ආපදාවට ලක් වූ ග්‍රාම සේවා වසම් 40 කට අයත් පවුල් 5,000ක් සඳහා වන්දි ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

තක්සේරු වාර්තාවලට අනුව කාණ්ඩ වශයෙන් වන්දි ලබා දීමට නියමිතය. ඒ යටතේ රුපියල් 80,000ට වැඩි වන්දි ආපදාවට ලක්වූ පවුල් සඳහා පිරිනැමීම ඊයේ සිදුකෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ රටේ ජනතාවට හොඳින් ජීවත්විය හැකි පසුබිමක් සකස් කරන බවය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මහජන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *