STF වෙඩි තැබීමකින් අපරාධකරුවෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දිවුලපිටිය , දුනගහ බල්ලපාන මාර්ගයේ හේනේගෙදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අද(23) දහවල් සිදුවූ අපරාධකරුවෙක් මිය ගොස් ඇත.

ආයුධ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක් පිළිබදව ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීණ්ට එහි සිටි එක් අපරාධකරුවෙක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා තිබේ.

එවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එහිදී බරපතල තුවාල ලැබූ අපරාධකරුවෙක් දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

වෑන් රථයක් ද සමඟ තවත් සැකකරුවෙක් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් භාරයේ තිබූ පිස්තෝල 02ක්, ප්ලාස්ටික් පිස්තෝලයක් සහ අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + three =