කඩාවැටුණු උල්කාශ්මයේ කොටසක් බෙලිඅත්තේ නිවසකින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විනාශයට පත්වූ අභ්‍යවකාශ වස්තුවේ කොටසක් බෙලිඅත්ත උතුරු ගැටමාන්න තුනිහේන තිලක් සිරිවර්ධන මහතාගේ වහලය මතට වැටී තිබියදී සොයාගෙන තිබේ.

සිද්ධිය වූ දිනයේ වහලය මතට යමක් වැටෙන ශබ්දය ඇසුනද එය එතරම් ගණනකට නොගෙන සිට පසුගිය 22වනදා උදෑසන වහලය පරික්ෂා කිරීමේදී මෙම කොටස හමුව ඇත.

පසුව කළ දැනුම්දීමකින් පසුව රුහුණු විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පැමිණ වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත එම කොටස රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 12 =