චීනයේ ‘ද්වන්ධ නමයේ’ උත්සවය 28වනදා

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ලබන 28 වැනිදාට “double 9th” එසේත් නොමැති නම් “ද්වන්ධ නමයේ” උත්සවය යෙදේ.

මෙය චීනයේ වැඩිහිටි පුද්ගලයන් සහභාගී වන උත්සවයකි. එමෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට වැඩිපුර ගෞරව දක්වන දිනයක් ලෙසද මෙය හැඳින්වේ.

මෙම උත්සවය එළඹීමත් සමඟ, වසර ගණනාවකට පෙර විවාහ වී සිටින නමුත්, එදා විවාහ උත්සවයක් පැවැත්වීමට නොහැකි වූ වයෝවෘද්ධ විවාහ යුවළ 36ක් වෙනුවෙන් කාගෙත් සිත් ගත් විවාහ මංගල උත්සවයක් පසුගියදා පැවැත්විණ.

ඒ චීනයේ චිඅං සූ පළාතේ සූ චෝ නගරයේදීය. මෙය සංවිධාන කර තිබුණේ සමූහ විවාහ මංගලෝත්සවයක් වශයෙනි.

වැඩිහිටි පරපුරට ගෞරව දැක්වීමට මෙමගින් සමාජයට යහපත් ආදර්ශයක් ලබා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *