වසර 09කට පසුව පාකිස්තානය පුර්ණ තරගාවලියක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර ඊයේ(23) පැවැත්වු පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුනු 104ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 20 පන්දු 2කදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහි ඉලක්කය සපුරා ගැනීමට සමත්විය

එහිදී ෆකර් සමාන් ලකුණු 48ක් රැස්කිරීමට සමත් වු අතර ඉමාම් උල් හක් නොදැවී ලකුනු 45ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුනු 103ක් පමණි.

ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු තිසර පෙරේරා ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වු අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට පාකිස්තානු පන්දුයවන්නෝ ඉඩ නොතැබූහ.

පාකිස්තානු කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වු උස්මාන් ඛාන් ලකුණු 34කට කඩුලු 05ක් දවා ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමුවේය.

එම ජයත් සමගින් තරගාවලිය තරග 5-0ක් ලෙස ජයගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් වු අතර එය 2008වර්ෂයෙන් පසු තරග 5කින් යුත් තරගාවලියක පුර්ණ ජයක් හිමිකරගත් අවස්ථාව ලෙසද වාර්තා පොත් අතරට එක් විය.මෙය ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ තරග 5කින් යුත් තරගාවලියක පුර්ණ තරගාවලි පරාජයක් ලද තෙවැනි අවස්ථාවද වේ.

ශ‍්‍රී ලංකා ඉනිම – සියලු දෙනා දැවී ලකුනු 103 යි (පන්දුවාර 26.2) තිසර පෙරේරා 25,ළහිරු තිරිමාන්න 19, සීකුගේ ප‍්‍රසන්න 16
උස්මාන් ඛාන් 5/34,හසන් අලී 2/19

පාකිස්තානු ඉනිම – 105/ 1 (පන්දුවාර 20.2) ෆකර් සමාන් 48, ඉමාම් උල් හක් නොදැවී 45,ජෙෆ්රි වැන්ඩසේ 1/30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *