විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බය ප්‍රකාශය ගැන කතානායකගෙන් දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ, යළි පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු කරන බවය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව ද බලවත් තර්ජනයක් උද්ගත කර ඇති බව කතානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ඒ පිළිබඳව දැඩිව සැලකිලිමත් වන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විවිධ පාර්ශවයන් විසින් ද දිගින් දිගටම අවධානයට යොමු කර ඇතැයි ද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + 4 =