ෂින්ෂෝ අබේට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – යළිත්වරක් ජපානයේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ෂින්ෂෝ අබේ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් පළ කර ඇත.

ටුව්ටර් පණිවිඩයක් මඟින් ජනාධිපතිතුමා, ජපාන අග්‍රමාත්‍යවරයා වෙත මෙලෙස සුබ පතා තිබේ.

එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ජපාන අග්‍රමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාට ටුව්ටර් පණිවිඩයක් මඟින් සුබපැතුම් එක් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් පවත්වාගෙන යාමට අදහස් කරන බව සිය සුබපැතුම් පණිවිඩය එක් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

පසුගිය ඉරිදා පැවති ජපාන මහ මැතිවරණයෙන් අග්‍රමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ පක්ෂය තුනෙන් දෙක බහුතර බලය ලබාගනිමින් යළි බලය හිමිකර ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + fifteen =