චීනයේ ඇති අපූරු අවන්හල

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ගුයි චෞ පලාතේ මෙවැනි ආපන ශාලාවක් තිබේ.

පරිසර පිරිසිඳු කිරීමේ රැකියාවල නිරත වන්නන්, ආබාධිතයන්, හමුදා භටයන් සහ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් උදේ ආහාර නොමිළේ ලබා දීමට එම ආපන ශාලාවේ ක්‍රියාකරමින් සිටී.

කුඩා කාලයේ තම මව අහිමිවූ එම ආපන ශාලා හිමියාට අසල්වැසියන්ගෙන් බොහෝ උදව් හිමිව තිබිණ.

දැන් ආපසු සමාජයට කෘතගුණ දැක්වීමට කැමැති බව ඔහු පවසයි.

ගෙවි ගිය වසර දෙකේ එම ආපන ශාලාවෙන් නූඩ්ල්ස් බදුන් විසි දහසකට වැඩි ප්‍රමාණයක් නොමිළේ ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *