ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම 25%කින් වේගවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම අපේක්ෂා කළ මට්ටමට වඩා ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.

කැනඩා විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන් පිරිසක් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී තිබේ. 25% කින් පමණ අයිස් දියවීම වේගත්වී ඇති බව එම වාර්ථාවේ දැක්වේ.

විද්‍යාඥයින් මීට පෙර අනාවැකි පළකර තිබුණේ 2040 සහ 2050 වසර ඇතුළත ආර්ක්ටික් සාගරයේ අයිස් සම්පූර්ණයෙන්ම දියවී යනු ඇති බවටය. පවතින තත්ත්වය අනුව එය එම කාල වකවානුවට වඩා වේගවත් වනු ඇති බව පැවසේ.

මේ හේතුවෙන් ඉදිරියේදී කාලගුණ විපර්යාස රැසකට මුහුණදීමට ලෝකයට සිදුවනු ඇති බවට ඔවුන් එම වාර්තාවල දක්වා ඇත.

මෙමගින් වැඩිම බලපෑම් එල්ලවන්නේ අයිස් කඳු ආශ්‍රිතව ජීවත් වන හිම වලසුන් වැනි සතුන්ට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *