බේරුවල මැණික් කොල්ලයක සැකකරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – බේරුවල දී සිදු වූ මැණික් කොල්ලයක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

බේරුවල පත්තකඩේ ප්‍රදේශයේ දී වෙළෙදාම් සදහා රැගෙන එන ලද රුපියල් ලක්‍ෂ 90ක් පමණ වටිනා මැණික් සොරකම් කරන ලද බවට බේරුවල පොලිසියට ඉකුත් 21වනදා පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව සිදු කළ විමර්ශන අනුව මැණික් ගල් සොරකම් කරන ලද සැකකරුවෙක් ඊයේ(24) අත්අඩංගුවවට ගෙන තිබේ. එහිදී සොරකම් කරන ලද මැණික් ලග් 47ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61වූ බේරුවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම සැකකරු අද(25) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *