රන්ජන්ට නොවැම්බර් 21 උසාවි එන්නැයි නොතීසි

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කළායැයි වන චෝදනාවට සමාජ සුභසාධන,සමාජ සවි බලගැන්වීමේ සහ උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නොවැමබර් මස 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.

ඒ අද(25)දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුවය.
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණයෙන් කිසිඳු නොතීසියක් තම සේවා දායකයාට ලැබී නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරම් මහතා අද අධිකරණය හමුවේ පවසා ඇත.
මාධ්‍යවල පලවු වාර්තා පදනම් කරගෙන අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු වැඩි දුරටත් මෙහිදී පවසා තිබේ.

මෙසේ රන්ජන් රාමනායක මහතා ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ ය නොතීසි නිකුත් කරණු ලැබූයේ රාමනායක මහතා විසින් රටේ විනිශ්චයකාරවරුන් සහ නීතිඥයින්ගේන් “බහුතරය” දූෂිතයැයි කරන ලද ප්‍රකාශ්ය සම්බන්ධයෙන් කරණු විමසීමටය.

රන්ජන් රාමනායක මහතාගේ එම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යැයි පවසමින් ශ්‍රී ලංකා නීත්ඥ් සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කල අතර ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමය තීරණය කර ඇත්තේ ඔවුන් විසින් 2017 අගෝස්තු 26 සෙනසුරාදා පවත්වන ලද නීතිඥ සංගමයේ විධායක කමිටු රැස්වීමේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 5 =