විරාට් කෝලිට විවේකයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිට විවේකයක් ලබාදීමට එරට තේරීම් කමිටුව කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

විරාට් කෝලි මේ වනවිට ටෙස්ට් තරග 60කට සහ එක්දින තරග 200කට ක්‍රීඩාකර තිබේ. පන්දුවාර 20-20 තරග 52කට ද ඔහු ක්‍රීඩාකර ඇත. මෙම වසරේදී පමණක් කෝලි ටෙස්ට් තරග 13කටත් එක්දින තරග අටකටත් පන්දුවාර 20-20 තරග තුනකටත් ක්‍රීඩාකර තිබේ.

මේ අනුව ඔහුට විවේකයක් ලබාදීමට එරට තේරීම් කමිටුව කටයුතු කර ඇත.

විරාට් කෝලි පවසන්නේ කිසිවෙකුට නිරන්තරයෙන්ම තම ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගත නොහැකි බවය. සියලු දෙනාටම විවේකයක් අවශ්‍ය බවත් ඔහු පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය කල්කටා හිදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන මස 16 වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *