හිසින් බද්ධවු කුඩා දරුවන් දෙදෙනෙකුගේ සැත්කම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – හිසින් බද්ධව සිටි කුඩා දැරියන් දෙදෙනෙකු සැත්කමක් මගින් සාර්ථකව වෙන් කිරීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

ඇබී හා එරීන් නම් මෙම දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු එකයි මාස තුනකි. අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා හි ළමා රෝහලේදී ඔවුන් සැත්කමට බදුන් කර තිබේ.

සාමාන්‍යයෙන් මෙසේ හිසින් බද්ධ වූ දරුවන් වෙන් කිරීමේ සැත්කම් සාර්ථක වීමේ ප්‍රතිශතය ඉතා අවම මට්ටමක පවති. සැත්කම සිදුකර මේ වන විට මාස කිහිපයක් ගත වී ඇති අතර ඔවුන්ට නැවත නිවසට යාමට හැකියාව ලැබී ඇත්තේ ඊයේ(24) දිනයේ දී ය.

වෛද්‍යවරුන් 30 දෙනෙකු, හෙදියන් විශාල පිරිසක් හා එක්ව පැය 11ක ශල්‍යකර්මයකින් අනතුරුව ඔවුන් මෙසේ සාර්ථකව වෙන් කර තිබේ.

මෙසේ බද්ධ දරුවන් උපත ලබන්නේ දරු උපත් ලක්ෂ දෙකකට එකක් ලෙස බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *