ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් බෙදා හැරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට සහල් ලබාදීමේ අරමුණින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද සහල් තොගයක් දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීම ඊයේ (24) ආරම්භ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති “නාඩු” සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂයෙන්, මෙට්ටි‍්‍රක් ටොන් දසදහසක් (10,000) මේ වන විට දිවයිනට ලැබී ඇති බවත්, එම සහල් තොග සතොස තොග ගබඩාවට ගෙනවිත් ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

එම සහල් තොග දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් වෙත බෙදා හැරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම නාඩු සහල් කිලෝවක් රුපියල් 74ක මිලකට අලෙවි කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *