වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද්මිරාල් ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ(25) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත.

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වසර 35 කට ආසන්න කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කර තිබේ.

1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බදවා ගැනිමට එක්ව ඇති ඒ මහතා, මව්බිම වෙනුවෙන් ඉටු කළ සේවාව අතිමහත්ය.

අනගිභවනීය සේවයක් ඉටු කර අද (26) දින වත්මන් නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිතය.

මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති අතර නව පත්වීම අද (26 ) සිට ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × three =