ලොරි රථයක වන අලියෙක් ගැටී 05කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 122 කණුව ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක්, වන අලියෙකුගේ ගැටී ලොරි රථය පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු ඇතුළු 05දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ඔවුන්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරින් වන අලියාද තුවාල ලබා එම ස්ථානයේ සිටින අතර ප්‍රතිකාර කිරීම සදහා වන ජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හබරණ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *