කෙනඩි ඝාතනයේ රහස්‍ය තොරතුරු ලිපි ගොනු මුදාහැරීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජොන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ රහසිගත ලිපි ගොනු 2800ක් මුදාහරින ලෙස එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගකර තිබේ.

එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ මතුවිය හැකි ගැටලු හේතුවෙන් ඇතැම් ලිපිගොනු මුදා නොහරින බව වාර්තා වේ.

මෙම ලිපි ගොනුවල අඩංගු කරුණු මොනවාද යන්න මෙතෙක් හෙළි වී නැත.

1963 වසරේ නොවැම්බර් මස විසිදෙවනදා ටෙක්සාස්හි සිදුවූ වෙඩි තැබීමකින් කෙනඩි ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්විය.

මේ වනවිටත් කෙනඩි ඝාතන සිද්ධියට අදාළ ලිපිගොනු 30,000ක් මුදාහැර තිබේ.

අමෙරිකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු වෙබ් අඩවියට එම ලිපිගොනු මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 5 =