පකිස්තානයට පහසු ජයක්

(කොළඹ, ලංකාපුවත්) –පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පකිස්තනය ඊයේ (26) සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී ලකුණු 102කට සීමා කළ පකිස්තානුවන් පන්දුවාර 17 පන්දු දෙකකදී ජය ග්‍රාහී ඉලක්කය පසු කළේය.

ඒ අනුව පකිස්තානය කඩුළු 03ක් දැවී ලකුණු 103ක් රැස් කරන ලදි.

පකිස්තානය වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ සොහිබ් මලික් නොදැවී ලකුණු 42 ක් රැස් කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 5 =