මරණින් වසරකට පසු සිදුකෙරෙන හිටපු රජුගේ ආදාහන උත්සවය

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්‍යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කර ඇත.

හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා විය.

ඉකුත් බ්‍රහස්පතින්දා (26) පැවතියේ දින පහකින් සමන්විත අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන අංගයයි.

සිය රජතුමා වෙත ගෞරව දැක්වීමක් වශයෙන් මාර්ග දෙපස රැස්ව සිටි ජනතාව කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

තායිලන්ත ජනතාව අතර ගෞරවාදරයට පත්‍ර වූ භූමිබෝල් අදුල්‍යදේජ් රජතුමා මෙලොවින් සමුගත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

මිය යන විට ඔහු 88 වෙනි වියේ පසු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − ten =