රූපලාවන්‍ය ක්ෂේත්‍රය නගාසිටුවන්න නව වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස මෙය දියත් කරනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා “SED Salon” නමින් ක්‍රියාත්මක වේ.

මෙම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යනු 1980 දශකයේ අග්‍රාමාත්‍යතුමා යෞවන කටයුතු හා රැකීරක‍ෂා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේ ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද අංශයකි. මෙම ව්‍යාපෘතියට මගින් දැනුම ආකල්ප කුසලතා සංවර්ධන වැඩසටහන්, පාරිභෝගික සත්කාර පිළිබදව වැඩසටහන්, අලෙවිකරණ හා කළමනාකරණ දැනුම ලබාදෙන වැඩසටහන් ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. රූපලාවන්‍ය ක්ෂේත්‍රය පොදුවේ සියළු දෙනාටම ගුණාත්මක සේවාවන් සපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ ය.

මෙම වැඩසටහන සදහා මේ වන විටත් දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයදුම්පත්‍ර 4328ක් පමණ ලැබී ඇතැයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරනු ලැබේ.

රූපලාවන්‍යාගාරවල සම්මත ප්‍රමිතිය පවත්වා ගැනීම සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒකාබද්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජූලි මාසයේ ආරම්භ කර මේ වනවිට සියලූම දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කර අවසන් කර ඇත. ඒ සදහා කළුතර, කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ඉහල සහභාගීත්වයක් ලැබී තිබුනි.

රූපලාවන්‍ය ශිල්පීන්/ශිල්පිණියන් සදහා ජාත්‍යයන්තරව පිළිගත් ජාතික පුහුණ සහතිකය ලබාගැනීම සදහා යොමු කිරීම මගින් ඔවුන්ගේ වෘත්තිය සදහා ජාත්‍යයන්තර පිළිගැනීමක් ලබා දීමට ද කටයුතු කරමින් ඇත. මෙම ව්‍යාපෘතිය පිළිබදව තොරතුරු සහ එයට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 6 =