විමල් වීරවංශගේ අරමුණ ඇමති රංගේ බණ්ඩාර කියයි

(කොළඹ, ලංකාපුවත්) – රුධිරය වගුරුවමින් රට තුළ බිලි පූජාවක් සිදු කිරීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සාහ කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුධිරය සමග සෙල්ලම් කිරීම වීරවංශ වැනි අයට එතරම් අපහසු කි‍්‍රයාවක් නොවන බවයි.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් හක්වටුනාව ප‍්‍රදේශයේ වාරි ව්‍යාපෘතියක ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ(26) සිදුකළ නිරීක්‍ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

“මේ අය අද ලේ පිපාසය නොමැතිව වියරු වැටිලා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කළ අය නැවතත් ත‍්‍රස්තවාදයක් ඇති කරන්න උත්සාහ ගනිමින් සිටිනවා. බලය අහිමි වූ අය නැවත බලය ලබා ගැනීමට එදත් ආගම හා ජාතිය යොදා ගත්තා.අදත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ අය ලේ පිපාසිත ඩ‍්‍රැකියුලාට සමානයි. පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම මගින් ඒබ ව පැහැදි වෙනවා. ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම්පතක් හෝ සම්මත කර නොමැති අවස්ථාවකයි මේ අය ව්‍යවස්ථාවක් පිළිබඳ බිල්ලෙක් මවා පාන්න උත්සාහ කරන්නේ. විමල් විරවංශ මහතාත් මේ සිදු කරන්නේ අතීත හස්තය නැවත දිගු කිරීමක්. ඔහුට ලේ නැත්නම් ජීවිතයක් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවත වෙනස් කරමින් නැවත ත‍්‍රස්තවාදයක් ඇති කරමින් නැවත බලය ලබා ගැනීමේ සිහිනයයි ඔවුන් මේ දකින්නේ.

ජාත්‍යන්තරයේ පිළීගැනීමක් ලැබී ඇති මොහොතක අපි සිදු කළ යුත්තේ සංහිදියාවෙන් යුතුව ජීවත් විය හැකි සමාජ පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ සඳහා සහය ලබා දීම සියළු නියෝජිතයින්ගේ වගකීමයි. ඒ නිසා බිල්ලන් මවමින් බිලි පූජා පැවැත්වීමට උත්සාහ කරන මිනිසුන්ට වර්තමාන සමාජය නැවතත් රැවටේ යැයි විශ්වාස කළ නොහැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 20 =