පාසල් සිසුන්ට දිවා ආහාරයක් දීමට ඇමති අකිල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී සියලු පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ( 26) ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එය තම සිහිනයක් බවත්, එම සිහිනය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතිරිකරගත් මුදල් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම යෝජනාව ඉදිරියේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳදමා අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණදෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළයුතු බවත්, එම විප්ලවීය ක්‍රියාවලියේදී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *