ලොව සිදුවන තාක්ෂණික විප්ලවය ලංකාවේ ද සිදුකළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ලොව සිදුවන තාක්ෂණික විප්ලවය ශ්‍රී ලංකාවේ ද සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඊයේ(26) පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා පැමිණි අග්‍රාමාත්‍යවරයා විදුහල්පතිනි ඩබ්ලිව් ඩී පී කේ සමරසිංහ මහත්මිය සහ සිසු දැරියන් මහත් හරසරිත් පිළිගත්තාය.

වාර්ෂික ත්‍යාග ලාභී ශිෂ්‍යයාවන් වෙත ත්‍යාග ප්‍රදානය සිදුකෙරුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ හෙට ලොව භාරගන්නා සිසු දරුදැරියන් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ජයග්‍රහනය කරවීමට උනන්දුවෙන් කටයුතු කළයුතු බවයි.

උත්සවයට සහභාගිවීම නිමිත්තෙන් විශේෂ සමරු තිලිණයක් ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *