ඕස්ට්‍රේලියා අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා නොවැම්බර් 02වනදා සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට තානාපති කාර්යාලය සදහන් කරයි.

ඔහු එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම සංචාරය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා මෙසේ සදහන් කළේය.

“මෙම වසරේදී ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සමඟ ද්වීපාර්ශ්වික සබඳතා පැවැත්වීමේ 70 වැනි සංවත්සරය සලකුණු කරයි. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා.

මේ වසරේ මුල් භාගයේ ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති වික්‍රමසිංහ හමුවීමට ලැබීම ගැන මා සතුටු වුණා.

අපේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සහ අපේ රටේ වැඩ කටයුතු සඳහා විශේෂයෙන්ම මිනිස් ඡාවාරම මර්ධනය කිරීම සඳහා අපගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට මම අපේක්ෂා කරනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 3 =