ගැබ් ගත්තැ’යි අසත්‍ය චෝදනා කළ දැරියට අධ්‍යාපන ඇමතිගෙන් පාසලක්

(කොළඹ, ලංකාපුවත්) –කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වූ අතර, සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

කෙසේවුවත් අදාළ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැතිනම්, දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *