දුම්රිය හරස් මාර්ගයේ සිදුවු අනතුරින් කතුන් 2ක් මරුට-12ට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – මීටියාගොඩ, දළුවතුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ විශේෂ දුම්රිය එන්ජිමක වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත්තේ ඊයේ(29) රාත්‍රී කාලයේ දී ය.

වෑන් රථය එම දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකරුගේ උපදෙස් නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ වෑන් රථයේ පිටුපස දුම්රිය එන්ජිම ගැටී තිබේ.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් හිමිනමක සහ කාන්තාවන් දාහතර දෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෑන් රථයේ රියදුරුට කිසිදු අනතුරක් සිදුව නැති බව ද පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ මීටියාගොඩ සහ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 7 =