ජාතික ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩනැගූ ජාතික ආණ්ඩුවේ පසුගිය දෙවසරක කාලය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රධාන සංදිස්ථානය වූයේ ජාතික ආණ්ඩුව පිහිටුවීමයි. ණය බරින් මිරිකී තිබූ ආර්ථිකය දැන් යහපත් අතට ගමන් කිරීමට දිශානතියක් කරා යොමුව ඇතැයි, අග්‍රාමාත්‍යවරයා කියා සදහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද(30)උදේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගෘහ ආර්ථිකය ඉහළ නැංවීමට හා විදේශීය ආයෝජන සමග රටේ ආර්ථිකය ගොඩනැංවීමට ඉදිරි වැඩපිළිවෙළක් සකස්කර ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂය එක්වූ ආණ්ඩුවක් තුළින් සීඝ්‍ර වර්ධනයක් ලබාගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බෙංගාල බොක්ක අවට රටවල් සංවර්ධනය වීමෙන් ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් උදාකර ගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ත්‍රීකුණාමලය වරාය හා ඒ අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමට ඕනෑම විදේශීය රටක ආයෝජකයින්ට අවස්ථාව සළසා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *