අධිවේගයේ යන රියදුරන්ට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රිය ධාවනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ට අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය දැනුම් දීමක් කරනු ලැබේ.

පවතින තත්ත්වය අනුව පැයට කිලෝමීටර් 50 – 60ත් අතර වේගයකින් රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ද දැනුම් දෙයි.

සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සදහා අවම වශයෙන් රථවාහන දෙකක් අතර මීටර් 02ක් හෝ පරතරයක් රදවා ගැනීම යෝග්‍ය වේ.

එසේම රථවාහනවල ඉදිරිපස පහන් දල්වා ගමන් කරන ලෙස ද රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *