උහුරු කෙන්යාට ජය තහවුරු කරයි

(කොළඹ, ලංකාපුවත්) –කෙන්යාවේ දෙවැනි වරටත් පැවති ජනාධිපතිවරණයෙන් එරට වත්මන් ජනපති උහුරු කෙන්යාට ජයග්‍රහණය කර තිබේ.

විපක්ෂ නායක රයිලා ඔඩිංගා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා අස්කරගත් බව වාර්තා වේ. කෙන්යාවේ ජනාධිපතිවරණ්‍ය පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණි. එයින් ද ජයග්‍රහණය කළේ උහුරු කෙන්යාටා ය.

නමුත්, එරට මැතිවරණය අක්‍රමවත් බවට එල්ල වූ චෝදනා නිසා එහි ප්‍රතිඵල අවලංගු කෙරුණි. ඒ අනූව දෙවැනි වරට ජනාධිපතිවරණය පැවැත්වු‍නේ පසුගිය සතියේ දීය.

එහෙත් මැතිවරණ කොමිසම නිදහස් හා සාධාරණ ලෙස ඡන්ද විමසීම සිදු නොකරන බව පවසමින් රයිලා ඔඩිංගා ඉල්ලා අස්විය. මැතිවරණය වර්ජනය කරන ලෙසට ඔහු සිය ආධාරකරුවන්ගෙන් ද ඉල්ලා සිටියේය. බල ප්‍රදේශ 25ක ඡන්ද විමසීම මේ නිසා අත්හිටුවනු ලැබීය. නමුත් එමගින් අවසන් ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් නීත්‍යානුකූල අභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා එරට විපක්ෂයට දින 7ක කාලයක් හිමි වේ. අද දිනයේ දී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායකයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *