කටාර් රාජ්‍යයේ වෙළෙද ඇමැති, අගමැති හමුවේ

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී, කටාර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙද අමාත්‍ය ෂෙයික් අහමද් බින් ජසීම් අල්-තානි (Sheikh Ahmed Bin Jassim Al Thani) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෂිඩ් ෂාෆී අල් ෆෙහයිඩා (Rashid Shafea Al Fehaida), කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අබ්බාස් අල් බාකීර් (Akbar Abbas Al Baker) යන මහත්වරු ද, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංචාරක මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *