වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –පෘථීවි වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පසුගිය වසරේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය දශකය තුළ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ්වල සාමාන්‍ය අගය හා සැසඳීමේ දී 2016 වසර තුළ එය 50%කින් ඉහළ ගොස් ඇත.

මිනිස් ක්‍රියාකාරකම් සහ එල්නිනෝ කාලගුණ සංසිද්ධිය ඊට බලපා ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනු ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය අගය ඉහළ ගොස් ඇති අතර මෙවැනි සිදුවීමක් වාර්තා වූයේ වසර ලක්‍ෂ 8කට පමණ පසුව බව ලෝක කාලගුණ විද්‍යා ආයතනය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *