ධවල මන්දිරයේ හැලොවින් සමරයි

(කොළඹ, ලංකාපුවත්) – බොහෝ බටහිර රටවල සමරන හැලොවින් උත්සවයට සමගාමීව අමෙරිකා ධවල මන්දිරය ද සාදයක් සංවිධානකර තිබූ බව වාර්තා වේ.

මලවුන් සිහිපත් කරමින් මෙම උත්සවය සමරනු ලැබේ.

හැලොවින් තේමාවට අනුව ධවල මන්දිරයද සරසා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සාදයට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ආර්යාව ද එක්ව සිටියහ.

විවිධ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි කුඩා දරුවන්ට ත්‍යාග ලබාදීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මේරි ලෑන්ඩ්, වර්ජිනියා වැනි ප්‍රාන්ත රැසක පාසල් දරුදැරියන් හා දෙමව්පියන් මෙම උත්සවයට සහභාගිවී ඇත. ධවල මන්දිරයෙන් සිදුකළ ආරාධනයකට අනුව ඔවුන් මෙම සාදයට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *