නිව්යෝර්ක් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නිව්යොර්ක් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදු වී ඇති බවට අනාවරණය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි සිදුවූවේද යන්න පිළිබඳ තානාපති නිළධාරින් මාර්ගයෙන් තවදුරටත් සොයා බලන බව අමාත්‍යංශය පැවසීය.

අමෙරිකානු වේලාවෙන් ඊයේ(31) පස්වරුවේ පාපැදි ධාවකයින් පිරිසක් වෙත ට්‍රක් රථයක් කඩාවැදීමට සැලැස්විමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබුණි.

සැකකරු ප්‍රහාරයෙන් පසු ව්‍යාජ ගිනි අවියක් පෙන්වා පලායමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =