පළාත් පාලන ගැසට් පත්‍රයට ඇමති අත්සන තබයි

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අත්සන් තැබුවේ ය.

ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේදී ය.

ගැසට් පත්‍රය අද(01) දිනයේ ම රාජ්‍ය මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගන්නා බව අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙම ගැසට් පත්‍රය පළ වීමත් සමග පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 17 =