පුද්ගලයින් 9කගේ සිරුරු කොටස් නිවසේ තබාගෙන සිටි පුද්ගලයක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –කැබලි වලට කපන ලද පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු කොටස් නිවසේ තබාගෙන සිටි ජපානයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

27 හැවිරිදි සැකකරු නිවසේ ශීතකරණ කිහිපයක මෙලෙස මිනිස් සිරුරු කොටස් සගවා තිබූ බවට තොරතුරු අනාවරණය වේ.

ටෝකියෝ නගරයට ආසන්න සාමා නගරයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබේ.

මීට දින කිහිපයකට පෙර මෙම නගරයේම 23 හැවිරිදි තරුණියක අතුරුදන්ව තිබුණි. සී සී ටී වී දර්ශන පරීක්ෂාවේදී අනාවරන වී තිබුණේ අදාල තරුණිය සැකකරු සමග සිටි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − five =